ඉන්දියාවේ සිට ත්‍රිකුණාමල වරායේ පිහිටි ඉන්දීයානු තෙල් සමාගමට දැවි තෙල් රැගෙන ආ නෞකාවක සිටි ඉන්දිය ජාතික කාර්ය මණ්ඩලයේ 17දෙනාට කොරෝනා වෛරසය වැලදි ඇති බව සිදුකල පි සි.ආර්.පරික්ෂණයෙන් අනාවරණය වු බව ත්‍රිකුණාමලය ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ වසංගත රෝග විද්‍යා අංශයේ වසංගත රෝග වෛද්‍ය නිලධාරි වෛද්‍ය ටි.තිලෝජන් ප්‍රකාශ කර සිටිනවා.
දැවිතෙල් මෙට්‍රික්ටොන් 4000ක් රැගෙන ඉන්දියාවේ සිට කොළඹ වරායට ගොස් ත්‍රිකුණාමල වරායට ඉකුත් 25 වෙනිදා පැමිණි මෙම නෞකාවේ කාර්ය මණ්ඩලයේ එක් සාමාජිකයෙකු අසනීප වීම නිසා මෙම පී.සි.ආර්. පරික්ෂණ සිදුකරණු ලැබුවා.
එම PCR වාර්තාවන් ලැබෙන තෙක් නෞකාවේ කාර්ය මණ්ඩලය එහි තුලම රදවා ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කරමින් දැවිතෙල් නල මාර්ග ඔස්සේ ගොඩබෑම සිදු කර තිබු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
