ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පසුගිය සෙනසුරාදා පැවති සාකච්ඡාවකදීය තම සංවිධානය ඇතුළු ඊට එක් වූ පිරිස් ඉදිරිපත් කළ කරුණු පිළිබඳ අවධානය යොමු කර ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ යැයිද ඔහු පැවසීය.
කෙසේ වෙතත් විසිවන සංශෝධනය යනු තාවකාලික සංශෝධනයක් පමණක් බවත් එමඟින් සියල්ල නිවැරදි කිරීම බලාපොරොත්තු නොවන බවත් මෙමගින් රජය අපේක්ෂා කරන්නේ ජනාධිපතිවරයාට රට ගොඩනැගීමට ඇති බාධා ඉවත් කිරීම බවත් මන්ත්රීවරයා සඳහන් කළේය.
එමෙන්ම අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාද පක්ෂ නායක රැස්වීමේදී මේ සම්බන්ධයෙන් එකඟ වී ඇති බවත් ඒ නිසා නව කෙටුම්පතක් ගැසට් කිරීමට රජය ඉදිරිපත් වීම ගැන සතුටු වන බවත් ඔහු තවදුරටත් එහිදී කියා සිටියේය.
