සේනාධිනායකයා වශයෙන් රටේ ආරක්ෂාවට වගකිවයුත්තා වන ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍ය ධූරය දැරීමට හැකියාව 19 ව්‍යවස්ථා සංශෝධනයෙන් අහුරා ඇති බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කරයි.
ඊට හොඳම උදාහරණය වන්නේ පාස්කු ඉරිදා දින ප්‍රහාර එල්ල වූ බෝම්බ ප්‍රහාරය බව ද ඔහු පැවසීය.
ආරක්ෂක අමාත්‍ය ධූරය ජනාධිපතිවරයාට සෘජුව ක්‍රියා කිරීමට බලා බලය නැති වීම හේතුවෙන් එම ප්‍රහාරය එල්ල වූ බව ද ඔහු පැවසීය.
ජනාධිපතිවරයාට ඉහළින් බලය ලැබෙන සේ පිහිටුවා ඇති කොමිෂන් සභාවල බලතල ලැබීම 19 සංශෝධනයෙන් සිදු වූ ඉතාම භයානක තත්වයක් යයිද ඔහු කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් නිසි දැනුවත්කමක් නැති පිරිසක් 19 වන සංශෝධනය ඉවත් කිරීම මහා අපරාධයක් සේ සලකමින් සිටින බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
ඒ මහතා මේ බව සඳහන් කළේ මහනුවර දී පැවති ජනහමුවක් අමතමිනි.
ජනාධිපතිට ආරක්ෂක ඇමතිකම දරන්න බෑ…
2020-09-02T12:47:00+05:30
Lanka Hot News