කොල්ලුපිටිය පිහිටා ඇති ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල තුළ ඉරිතැලීම් තත්ත්වයක් නිසා එහි සේවකයන් බියට පත්ව තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් සඳහන් කරන්නේ එහි බිත්ති කිහිපයක් ඉරිතලා ඇති බව සහ ජල කාන්දුවක් පවතින බවයි.
සේවකයන් සඳහන් කරන්නේ අසල ඉදි කරන නිවාස ව්‍යාපෘතියක බලපෑම නිසා මෙම ගොඩනැගිල්ල ගිලාබැසීමේ අවදානමකට ලක්ව ඇති බවයි.
