gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න මම ලෑස්ති නෑ - ගීතාගෙන් ආණ්ඩුවට පණිවිඩයක්

කුණු පළාතේ තිබෙන දිස්ත්‍රික්ක තුනටම  සිටින එකම කාන්තා නියෝජනය තමා බැවින් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන සිටීම අසීරු බව ගාල්ල දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය අවධාරණය කරයි. තමාට නැති වීමට දෙයක් නැති බවත් ඇතිවීමටත් දෙයක් නැති බවත් සඳහන් කරන ඇය ආපු දේ කරන්න බැරි නම් දේශපාලන සිටීමේ තේරුමක් නැති බව පෙන්වා දෙයි.

කලාව හා දේශපාලනය එකින් එකට ගැලපෙන්නේ නැති බව පෙන්වා දෙන කුමාරසිංහ මහත්මිය දේශපාලනයේ ලඟට ගන්නේ වැඩ ටික කරවා ගැනීම සඳහා පමණක් බව ද පෙන්වා දෙයි.

එකම පක්ෂයේ අය එකිනෙකා කපා ගන්නා මේ දේශපාලනයට පැමිණීම තමා කරගත් මෝඩකමක් බව විටෙක හැඟෙන බව ද ඇය සඳහන් කරයි.

දේශපාලනයට වියදම් කළ කෝටි ගණනක සල්ලි වලින් දේශපාලනයට නොපැමිණ ජනතාවට වැඩක් කරන්නට තිබුණු බවත් බොහෝ විට තමා නැවත ඡන්දයකට ඉදිරිපත් නොවන බව ද කුමාරසිංහ මහත්මිය වැඩිදුරටත් පෙන්වා දෙයි.

කුමාරසිංහ මහත්මිය මෙම අදහස් පළ කර තිබුණේ සති අන්ත  විකල්ප පුවත්පතක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.  


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka