gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බඩු ගන්නෙත් විධායකය, හොරකම් කරන්නෙත් විධායකය, හොරා හොයන්න යන්නෙත් විධායකය - එරාන්

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ජාතික ප්‍රසම්පාදන කොමිසම සහ ජාතික විගණන සේවා කොමිසම අහෝසි කිරීම බරපතළ ගැටළු මතු කරන්නක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පවසයි. 

"මේ ජාතික ප්‍රසම්පාදන කොමිසමත් ඒවගේම ජාතික විගණන සේවා කොමිසමත් අයින් කරලා තියෙනවා. අනිත් කොමිෂන් සභාවල් තියෙනවා, ඒවාවල පත්වීම් ස්වාධීනව වෙන්නෙ නෑ, ජනාධිපතිතුමා තමයි 20න් හැම පත්වීමක්ම මේ රටේ කරන්නෙ. 

හැම එකක්ම කරන්නෙ ජනාධිපතිතුමා. බඩුව ගන්නෙත් විධායකය, හොරකම් කරන්නෙත් විධායකය, හොරා හොයාගෙන යන්නෙත් විධායකය ! ඔන්න ඕක තමයි 20න් වෙන්නේ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

එරාන් වික්‍රමරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (07) සමගි ජන බලවේගය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.  


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka