ශ්‍රී ලංකාවේ ආර්ථික ශ්‍රේණිගත කිරීම තවත් පහත කැපීමට ලෝ ප්‍රකට මූඩීස් ආයතනය විසින් කටයුතු කර ඇත.
මෙසේ ශ්‍රේණිය පහත දැමීමට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ මන්දගාමී ආර්ථික ප්‍රතිසංස්කරණ, අයවැය හිගය, දුර්වල ආයතනය ක්‍රියාකාරීත්වය යන සාධක බවයි.
ලංකාව ඉතාම ඉහළ ණය අවදානම දක්වා ඇති රටක් ඇයි ද ඔවුන් සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාවට අමතරව මෙම කාණ්ඩයට අයත් සෙසු රටවල් අතර කොංගෝව, අංගෝලාව, ඉරාකය මාලි, ගැබෝන්, බාබඩෝස් වැනි රාජ්‍යයන් වෙයි.
කෙසේ වෙතත් මෙම පහත දැමීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුදල් මුදල් අමාත්‍යංශය සඳහන් කරන්නේ එසේ පහත දැමීම කණගාටුවට කරුණක් බවයි.
