ඊයේ දිනයේදීද එරටින් ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය වාර්තා කරමින් 91,000 ඉක්මවූ ප්‍රමාණයක් වාර්තා කර ඇත.
ඉන්දියාවෙන් වාර්තා වන මරණ ප්‍රමාණය 82,000 ඉක්මවා ඇත.
ඊයේ දිනයේ පමණක් එරට මරන 1200 ක් ඉක්මවා වාර්තා වී ඇත.
ලොව වැඩිම කොරෝනා මරණ ප්‍රමාණය අනුව දෙවෙනි තැන පසුවන්නේ ඉන්දියාවයි.
ඉන්දියාවේ ආසාදිතයන් වැඩි වන වේගය අනුව අමරිකාව ද ඉක්මවා යාම සිදුවනු ඇතැයි ජාත්‍යන්තර පුවත් සේවා වාර්තා කරයි.
මෙම තත්වය ඉන්දියාවේ මෝදි ආණ්ඩුව කෙරෙහිද දැඩිව අහිතකර ලෙස බලපා ඇතැයිද වාර්තාවන්හි සදහන්ය.
