ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහට විරුද්දව රහස් පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇත.
නීතීඥයෙකු විසින් එම පැමිණිල්ල සිදු කර ඇත්තේ චන්දිමාල් ජයසිංහ විසින් හමුදා නිල ඇදුමක් හෝ ඒ හා සමාන ඇදුමක් භාවිතා කර ඇති බවටයි.
එය මෙරට නීතිය අනුව වරදක් බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කර නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් පැමිණිලිකරු ඉල්ලා ඇත.
චන්දිමාල් ජයසිංහ විසින් සිය උපන් දිනය වෙනුවෙන් සංවිධානය කරන ලද සාදයකට සැරසී සිටියේ හමුදා නිලධාරීන් විශේෂ උත්සව අවස්ථාවකදී අඳින ඇඳුමක් හා සමාන ඇදුමකි.