ඉස්සන් කොටු සෑදීම සඳහා ආනවිලුන්දාව අභය භූමිය ඩෝසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 27 වැනි දා ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝගය මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මුන්දලම – කීරියන්කල්ලිය ප්‍රදේශයේ පදිංචි ඩෝසර් යන්ත්‍ර ක්‍රියාකරුවෙකු සහ උඩප්පුව, පිංකට්ටිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි ව්‍යාපාරිකයෙකු රුපියල් ලක්ෂ 100ක බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (18) නියෝග කර තිබේ.
ඒ ආනවිළුන්දාව “රැම්සා අභයභූමියට” අයත් ප්‍රදේශයක් අනවසරයෙන් සහ අනීතික ලෙස එළිකර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ සොයොයුරා වන ආරච්චිකට්ටටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත යන අයගේ ඉල්ලීම මත බව අදාළ පරිසර විනාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටු වාර්තාව අනාවරණය කර තිබෙන සහ ඔහු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති පරිසරයක් තුළ ය.
රැම්සා තෙත්බිම් කලාපයක් ලෙසින් නම් කර ඇති ආනවිලුන්දාව කුරුලු අභය භූමියට 2020 වසරේ අගොස්තු මස 25 වන දින රාත්‍රියේ ඩෝසර් යන්ත්‍රයක් රැගෙනවිත් ඇතුළු වී නීතිවිරෝධී ලෙසින් ඉස්සන් කොටු සකස් කර ඇති බවට වන ජීවි කාර්යාලය ආරච්චිකට්ටුව පොලිසියට දැනුම් දී ඇත.
ආරච්චි කට්ටුව පොලිසිය විසින් ඩෝසර් යන්ත්‍ර ක්‍රියාකරු වන බත්තුළුඔය කිරියන්කල්ලියේ පදිංචි 43 හැවිරිදි පෝරුතොටගේ සුජිත් කුමාර නිශාන්ත ප්‍රනාන්දු සහ ඉස්සන් ව්‍යාපාරිකයෙකු බව කියන බත්තුළුඔය පිංකට්ටියේ පදිංචි 35 හැවිරිදි වර්ණකුලසුරිය නිශාන්ත ප්‍රනාන්දු යන දෙදෙනාව අත්අඩංගුවට ගෙන හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පස් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.
කුරුලු අභය භුමියට ඇතුළු වි ඉස්සන් පොකුණක් සකස් කිරිමේ මෙම සිද්දිය සම්බන්ධයෙන් පොලිසිය විසින් අත් අඩංගුවට ගැනීමට සිටින ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති හා වත්මන් මන්ත්‍රි කුරුගමගේ ජගත් සමන්ත පෙරේරා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවට බාර වෙන බවය තොරතුරු පැතිර තිබුණද ඔහු අද (18) අධිකරණය හමුවට බාර වී නැත.
එහෙත් මෙදින නඩු විභාගයේ දි ජගත් සමන්ත පෙරේරා කුරුලු අභය භුමියේ එළි පෙහෙළි කිරීමට සම්බන්ධදැයි පරීක්ෂණයක් කර එසේ සම්බන්ධ බවට තොරතුරු ලබා ගත හැකි වුවහොත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරණ ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් ඉදිරිපත් කරන්නැයි දිසා විනිසුරුවරයා පැමිණිලිකාර පොලිසියට දන්වා තිබේ.
කෙසේ වෙතත් ආනවිළුන්දාව “රැම්සා අභයභූමියට” අයත් ප්‍රදේශයක් අනවසරයෙන් සහ අනීතික ලෙස එළිකර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ සොයොයුරා වන ආරච්චිකට්ටටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත යන අයගේ ඉල්ලීම මත බව අදාළ පරිසර විනාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටු වාර්තාව මේ වනවිටත් අනාවරණය කර තිබේ.
-lankatruth