බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට රැගෙන ආ ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් මීට සුළු මොහොතකට පෙර කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මරණීය දණ්ඩනය නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම සඳහා අවසර දෙන ලෙසත් ඒ සඳහා ඔහු පාර්ලිමේන්තුව වෙත රැගෙන යාමට පියවර ගන්නා ලෙසත්
දන්වමින් අභියාචනාධිකරණය විසින් ඊයේ (07) දිනයේ දී බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කර තිබුණි.
මන්ත්‍රීවරයා දිවුරුම් දෙනු ලබන අවස්ථාවේදී විපක්ෂය නියෝජනය කරනු ලබන සමගි ජනබල වේගයේ මන්ත්‍රීවරුන් කළු සාළු පැළද ගෙන සිටියා.
