රටට මහ බැංකුවක් අවශ්‍ය වන්නේ මූල්‍ය ආයතනයක් කඩා වැටුණු පසු කඩා වැටුනෝ කියා බදා ගැනීමට නොව එම මුල්‍ය ආයතනය කඩා වැටීමට පෙර ඒ බව හඳුනාගෙන ඊට පිළියම් යෙදීමට බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. එවැනි මහ බැංකුවකින් රටට කිසිදු යහපතක් සිදු නොවන බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.
මූල්‍ය ආයතන කඩා වැටුණු පසු මහ බැංකුව පෙනී සිටින්නේ අසාධාරණයට පත් වන ගනුදෙනුකරුවන් වෙනුවෙන් නොව අවිචාරවත් ලෙස හැසිරුණු මූල්‍ය ආයතන හිමිකරුවන් වෙනුවෙන් බවටද වීරවංශ ඇමතිවරයා චෝදනා කරනවා.
කොළඹදී පැවති වැඩසටහනකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
යම් ව්‍යාපාරිකයෙක් සාර්ථක ලෙස දියුණු වනවිට බැංකු සහ මූල්‍යායතන අදාල ව්‍යාපාරිකයාගේ නිවසටම ගොස් ණය දීමට ඉදිරිපත් වන බවත් යම් අවස්ථාවක අදාල ව්‍යාපාරිකයා යම් මූල්‍ය අපහසුතාවයකට පත් වුවහොත් බැංකු සහ මූල්‍යායතනවල හිතෛෂී මැදිහත්වීම වෙනස් වන බවද ඇමතිවරයා පවසනවා. ඉන්පසු බැංකුවලට අදාල ව්‍යාපාරිකයා පෙනෙන්නේ ත්‍රස්තවාදියෙකු ලෙස බවද පෙන්වා දෙන වීරවංශ මහතා පවසන්නේ එවැනි ආකල්ප සම්පූර්ණයෙන් වෙනස් විය යුතු බවයි.