මහනුවර හන්තාන පරිසර ආරක්ෂක කලාපයේ පිහිටි අක්කර 10 ක පමණ ප්රදේශයක් ගිනි තබා විනාශ කළ පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඔවුන්ගේ තරාතිරම නොබලා නීතිය ක්රියාත්මක කරන බව මහනුවර දිස්ත්රික් ලේකම් තිස්ස කරුණාරත්න මහතා සඳහන් කරයි.
අදාල ගිනි තැබීවෙන් හානි වූ ප්රදේශය දිස්ත්රික් ලේකම්වරයා විසින් නිරීක්ෂණය කරන ලද අතර එම චාරිකාව සඳහා හන්තාන සුරැකීමේ සංවිධානයේ නිලධාරීන් ද එක් වූහ.
මෙම ගිනි තැබීම අනවසරයෙන් රජයේ ඉඩම් අල්ලා ගැනීම සඳහා සිදුකර ඇති බව හැඟී යන බවද පරිසර සංවිධාන එහිදී පෙන්වා දුන්හ.
හන්තාන ආරක්ෂිතයට ගිනි තබයි..
2020-09-09T22:34:00+05:30
Lanka Hot News