වනරක්ෂිත සේම ජනතාවට ජීවත් වීමේ අයිතිය ද වටින බව රාජ්ය අමාත්යා සනත් නිශාන්ත මහතා සඳහන් කරයි. ආනවිලුන්දාවේ සිදුව ඇත්තේ පැවති ඉස්සන් පොකුණ රොන්මඩ ඉවත් කර සුද්ධ පවිත්ර කිරීමක් පමණක් බවත් අභය භූමි සීමාවට අයිති කිසිම ස්ථානයක් අලුතින් එළිපෙහෙළි කිරීමත් සිදු කර නැති බවත් ඔහු පැවසීය.
රැුම්සා අභය භූමිය ආරච්චිකට්ටුවට පමණක් නොව මුළු පුත්තලම දිසාවටම අනර්ඝ සම්පතක් බවත් එය දේවාශිර්වාදය කොට රක්ෂා කළ යුතු බවත් ඇමතිවරයා සඳහන් කළේය.
රැම්සා තෙත් බිම විනාශ කළේ තමන් බවට ඍජුව චෝදනා එල්ල නොවෙතත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට තමන් නීතිඥවරුන්ට භාරදී ඇතැයිද ඔහු පැවසීය.
එවන් ප්රචාර මගින් තම කීර්ති නාමයට කිසියම් හෝ හානියක් සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්රියාමාර්ග ගන්නා බවත් ඔහු කියා සිටියේය.
වනරක්ෂිත සේම ජනතාවට ජීවත් වීමේ අයිතිය ද වටිනවා.. ආනවිලුන්දාවේ රක්ෂිතය හෙලිපෙහෙලි කිරීමක් සිදුව නෑ..
2020-09-06T15:00:00+05:30
Lanka Hot News