වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට පසුගිය ආණ්ඩුව සමයේ තිබූ ඝාතන සැලැස්මෙන් බේරා ගත්තේ තමන් විසින් බව ආන්දෝලානාත්මක හඬ පට හෙළිදරව් කළ නාමල් කුමාර සඳහන් කරයි.
ඒ හෙලිදරවු කිරීම නිසා අද ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ජනාධිපති වී සිටින බවත් ඒ සම්බන්ධයෙන් තමා ඉතා සතුටට පත් වන බව ද ඔහු පැවසීය.
පසුගිය ආණ්ඩුව සමයේ රාජ්ය ආරක්ෂාව ඉතා පහළට ඇද වැටී තිබූ බවත් ජනාධිපති ඝාතන කුමන්ත්රණයක් තමන්ට පවා හෙළිදරව් වූයේ ඒ නිසා බවත් ඔහු සඳහන් කළේය.
නව ආණ්ඩුව යටතේ අද වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්රියාකලාපය ගැන සෑහීමකට පත් විය හැකි බවද ඔහු කියා සිටියේය.
කෙසේ වෙතත් මේ තරම් වටිනා වැදගත් හෙළිදරව් කිරීම් කළ තමන්ට මේ වන තෙක් ආරක්ෂාව ශ්රී ලංකාවේ නීතියේ අඩුපාඩු හේතුවෙන් නොලැබෙන බව ඔහු තව දුරටත් පැවසීය.
ගොටාභය ජනාධිපති වූයේ මා නිසයි.. ඔහුව ඝාතන සැලසුමෙන් බේරාගත්තේ මමයි..- නාමල් කුමාර
2020-09-15T07:34:00+05:30
Lanka Hot News