19 වැනි සංශෝධනය හරහා බලාත්මක කළ ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනත්වයට රජය විසින් ගෙන ඒමට නියමිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා දැඩි බලපෑමක් එල්ල වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.
අද (03) සමගි ජන බලවේගය කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
මෙතෙක් ව්‍යවස්ථාදායක සභාව සතුව තිබූ, ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන් පත් කිරීමේ බලය 20 වැනි සංශෝධනය හරහා ජනාධිපතිවරයා යටතට පත් කිරීමට යෝජනා කර ඇති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ. ජනාධිපතිවරයා විසින් තම කැමැත්ත මත පමණක් ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන් පත් කරන්නේ නම් ඒවා තවදුරටත් ස්වාධීන කොමිෂන් සභා ලෙස හැඳින්විය හැක්කේ කෙසේදැයි මුජිබර් රහුමාන් මහතා පවසනවා.
19 වැනි සංශෝධනයේ අඩුපාඩු ඉවත් කිරීම සඳහා නව සංශෝධනය ගෙනඑන බව පැවසූ වත්මන් ආණ්ඩුව, අඩුපාඩු ඉවත් කිරීම වෙනුවට 19 වැනි සංශෝධනය හරහා රටට ලැබුණු ප්රජාතන්ත්රවාදී අයිතීන් අහෝසි කිරීමට උත්සාහ දරන බවට මන්ත්‍රීවරයා චෝදනා කරනවා. 20 වැනි සංශෝධනය සම්මත කිරීමෙන් පසු ස්වාධීන කොමිෂන් සභා නමට පමණක් ස්වාධීන වන බවත්, ඉන්පසු ඒවා තිබුණද නොතිබුණද කිසිදු වෙනසක් සිදු නොවනු ඇති බවත් පෙන්වා දෙනවා.
ස්වාධීන කොමිෂන් සභා පත් කරන්නේ ජනාධිපති නං ඒවා ස්වාධීන වෙන්නෙ කොහොමද? - මුජිබර් රහුමාන්
2020-09-03T19:41:00+05:30
Lanka Hot News