අඹගමුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයට අයත් ගිනිගත්හේන පොල්පිටිය සිට කොත්තැල්ලෙන 4 කණුව දක්වා මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු නිසි ප්‍රමිතියකින් තොරව සිදු නොකරන බවට එම මාර්ගය භාවිතා කරන ප්‍රදේශවාසින් චෝදනා කර සිටියි.
කොළඹ සිට නල්ලතන්නිය දක්වා පිවිසිමට ඇති කෙටිම මාර්ගය වන කොත්තැල්ලෙන මාර්ගය වසර 23 කට පසු කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කරන බවත් , ඉන් පළමු අදිරය යටතේ කිලෝමිටර් 1.2 ක දුරක් කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.
පොල්පිටිය ජල විදුලි බලාගාරය අසල සිට මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු ආරම්භ කර ඇති අතර , මේ සදහා මාර්ග සංවර්ධන අධිකාරිය මගින් රු මිලියන 20 කට ආසන්න ප්‍රතිපාදන වෙන් කර ඇත.
මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් 2020.08.26 සිට 2020.09.16 දක්වා දිනපතා උදැසන 8.30 සිට පස්වරු 2.30 දක්වා වාහන ධාවනය සදහා එම මාර්ගය සම්පුර්ණයෙන්ම වසා දමන බවත් , කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු අදාල කොන්ත්‍රාත්කරු විසින් නිසි ප්‍රමිතියකින් තොරව සිදු කරන නිසා මේ වන විට අතුරා ඇති මැටල් ගල් සහ භාවිතා කර ඇති තාර ගැලවි ගොස් ඇති බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.
ප්‍රදේශවාසින් සිදු කරන චෝදනාව සම්බන්ධයෙන් මධ්‍යම පලාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් එම ස්ථානයට පැමිණි අතර එහිදි ප්‍රදේශවාසින් විසින් නගන චෝදනා සම්බන්ධයෙන් සොයා බැලිමක් සිදු කරන බවද එම නිලධාරින් ගම්වාසින් හමුවේ කියා සිටිහ.
කොත්තැල්ලෙන ප්‍රදේශවාසින් කියා සිටින්නේ කිලෝමිර් 18 ක් තම මාර්ගය නිසි ප්‍රමිතියකින් යුතුව කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසයි.
– හැටන් රංජිත් රාජපක්ෂ
‘සෞභාග්‍යයේ දැක්ම’ මාර්ග ඉදිකිරීම ප්‍රමිතිය බාලයි කියා චෝදනා..
2020-09-03T19:08:00+05:30
Lanka Hot News