gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

යුද හමුදාවට විරුද්දව නඩු දමයි.. නිරෝධායන මධ්‍යස්ථානයකට විරෝධය..

මේජර් ජෙනරාල් ප්‍රියංකර පෙරේරා ඇතුළු යුධ හමුදාවේ කර්නල්වරුන් දෙදෙනෙකුට, මේජර්වරයෙකුට සහ නාගරික සංවර්ධන අධිකාරියට මේ මස (15) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනි සිටින ලෙස හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ස්ට්‍රොස්කි මහතා විසින් (02) දින නොතෙසි නිකුත් කල බව ජනාධිපති නිතිඥය මෛත්‍රි ගුණරත්න මහතා පැවසිය.

කොළඹ වානිජ මහාධිකරණයේ (සිවිල්/65/98/1/2018 ) යටතේ සිදුව ප්‍රදේශයේ පදිංචි තම සේවාදායකයාට අයත් හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ පිහිටි විශාල ඉඩමක් සහිත ගොඩනැගිල්ලි කිහිපයක් තම සේවාදායකයාගේ කිසිදු අවසරයකින් තොරව යුධ හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම සදහා බලහත්කාරයෙන් අත්පත් කර ගනිමින් මේ වන විට යුධ හමුදා භට පිරිසක් එම ගොඩනැගිලි වල ස්ථාපනය  කර එම භුමිය මේ වන විට යුධ හමුදා කදවුරක් බවටි පක් කර ඇති බවයි ජනාධිපති නිතිඥය මෛත්‍රි ගුණරත්න මහතා කියා සිටියේ.

තම සේවාදායකයාට වානිජ මහාධිකරණයෙන් වසර පනහක භුක්තියකට හිමි වි ඇති හැටන් කොමර්ෂල් ප්‍රදේශයේ පිහිටි වැඩබිම සහ ගොඩනැගිලි යලිත් තම භුක්තියට ඉල්ලා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ ගොනු කල පෙත්සමක් සලකා බලමින් හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත්වරයා මෙසේ යුධ හමුදා නිලධාරින්ට සහ නාගරික සංවර්ධන අධිකාරියට නොතෙසි නිකුත් කල බවද ජනාධිපති නිතිඥය මෛත්‍රි ගුණරත්න මහාතා වැඩිදුරටත් කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka