පසුගිය මහ මැතිවරණයේදී ලැබුණු විශාල ජන වරම උපයෝගී කරගනිමින් සියල්ල උඩුයටිකුරු කිරීමට ආණ්ඩුව විසින් දරන උත්සාහයට එකඟ විය නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
එම පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරන්නේ 19 වන සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියන්ට මෙරට පාර්ලිමේන්තුව නියෝජනයට පනවා තිබූ තහනම යෝජිත 20 වන සංශෝධනය මගින් ඉවත් කිරීමට තම විරෝධය පළ කරන බවයි.
ලොව ප්‍රබල රටවල් බොහොමයක ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පත් වීමේ අවස්ථාව වළක්වා ඇතැයිද ඔහු සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග ගැන පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් වී සාකච්ඡා කරන බවද ඔහු කියා සිටියේය.
ද්විත්ව පුරවැසියන්ට මෙරට පාර්ලිමේන්තුව නියෝජනයට පනවා තිබූ තහනම ඉවත් කරනවාට විරුද්ධයි... ශ්රීලනිපය මධ්‍යම කාරක සභාව කැදවා තීන්දුවකට සූදානම්..
2020-09-06T07:19:00+05:30
Lanka Hot News