gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නිරෝධායන මධ්‍යස්ථානයෙන් අයෙක් පලා යයි.. දුම්රිපලෙන් අල්ලාගනී.. දුම්රියපල වසා දමයි..

වව්නියාව පම්පමඩුව යුද හමුදා නිරෝධායන කඳවුරේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු පැන ගොස් සිටියදී මන්නාරම් දුම්රිය ස්ථානය අසලදී ඊයේ (12) දින සොයා ගත් බවට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි.

පම්පමඩුව නිරෝධායන කඳවුරෙන් ඊයේ දින උදෑසන පැන ගොස් සිටි අතර එම පුද්ගලයා මන්නාරම දුම්රිය ස්ථානය අසලදී ඊයේ සවස වන විටදී සොයාගැනීම හේතුවෙන් කොරෝණා අවධානම නිසා සෞඛ්‍ය ආරක්ෂිත පියවරක් වශයෙන් මන්නාරම් දුම්රිය ස්ථානය හා එහි කාර්ය මණ්ඩලයේ සියල්ලක්ම විෂබීජ හරණය කිරීමට පියවර ගත් බවටද මන්නාරම් පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් පවසා සිටියහ.

වව්නියාව පම්පමඩුව නිරෝධායන කඳවුරෙන් මෙසේ පැන ගොස් තිබුනේ කටාර් සිට පැමිණි හලාවත ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර එම පුද්ගලයා වැඩි දුර පරික්ෂණ කටයුුතු සඳහා කොළඹට රැගෙන ගිය බවටද වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය වැඩි දුරටත් පවසා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka