විදේශයන්හි සිට මෙරටට පැමිණෙන ප්‍රභූ පුද්ගලයන් කිසිදු කොරෝනා පරීක්ෂාවට ලක් නොවී රට තුළට ඇතුළු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
කොරෝනා වසන්ගතය මෙරට තුළ පාලනයට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හදුන්වා දී තිබෙන නිර්දේශ ප්‍රභූන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවන්නේ යැයි ඔවුන් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් පවසයි.
මෙසේ සෞඛ්‍ය නිර්දේශ උල්ලංඝනය කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් බෝරාවරුන්ටද රට තුළට ඇතුළු වීමට අවසර ලබා දී ඇතැයි ඔවුන් චෝදනා කරයි.
ශ්‍රී ලංකාවේ සිටින රුසියානු තානාපති වරයාටද ඔහුගේ නිවෙසට යෑමට විදේශ අමාත්‍යාංශය අවසර දී ඇතැයි ඔවුන්ගේ ලිපියේ සඳහන් වේ.
රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය යොමු කර ඇති ලිපිය මෙහි දැක්වෙයි.
කොරෝනා පරීක්ෂණ මගහැර රුසියානු තානාපති රටට ඇතුළු වෙයි..
2020-09-14T22:47:00+05:30
Lanka Hot News