gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ස්වාධීන කොමිෂන් සභාවල කොහෙද ස්වාධීනත්වයක් තිබ්බෙ - ඇමති ජොන්ස්ටන් අසයි

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ස්වාධීනත්වයක් නම් තමන් නොදකින අතර ජනතාව තුනෙන් දෙකක බලයක් ලබා දුන්නේ එම විකෘති සංශෝධනය වෙනස් කිරීමට බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (06) ගල්ගමුව මී ඔය විහාරස්ථානයේ චෛත්‍යයට මුල් ගල තැබීමේ පූජෝත්සවයයට එක්වෙමිනි.

''19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපි වෙනස්කරගෙන යනවා. සමහරු කියනවා රාජපක්ෂ පවුලේ බැසිල් රාජපක්ෂ මහත්තයාව ගේන්න තමයි මේ ව්‍යවස්ථා සංශෝධනය ගේන්නේ කියලා. එහෙම එකක් නෙවෙයි. මේ ව්‍යවස්ථාව සංශෝධනය විය යුතුයි කියලා ජනතාව විශ්වාස කරා. අපි දැක්කා සිරිසේන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා කිව්වා මේ රටේ ස්වාධීන කොමිෂන් සභා ගේනවා කියලා, ස්වාධීන රාජ්‍ය සේවයක් ලබා දුන්නා කියලා. අපි දැක්කේ නෑ එහෙම ස්වාධීනත්වයක් තියෙනවා කියලා.''

ඔවුන්ට අවශ්‍ය කරන රාජ්‍ය නිළධාරීන් හිරේ දැමීම නිසා රාජ්‍ය නිළධාරීන් වැඩ කිරීමට බිය වූ බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

''ඒ ස්වාධීන කොමිසමක හිටියේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නෝනාගේ හොදම යාළුවා දිල්රුක්ෂි ඩයස්. දිල්රුක්ෂි ඩයස් ප්‍රකාශ කෙරුවා එතුමිය කොහමද නඩු පැවරුවේ, පරීක්ෂණ කෙරුවේ කොහමද කියලා.''

''ඒ වගේ තමයි පොලිස් කොමිසම FCID එකේ DIG මහත්තයා ප්‍රකාශයක් කරා ඔහු වැඩ කෙරුවේ කොහොමද කියලා. එතන ස්වාධිනත්වයක් තිබුණද නැද්ද කියලා. කොච්චර බලපෑම් වලට යට උනාද කියන එක ඔහු කිවුවා. ඊළගට ස්වාධින පොලිස් කොමිසම ගත්තහම 300-400ක් මැරුණා පාස්කු ප්‍රහාරයෙන්. ඒකෙන් හිටපු පොලිස්පතිතුමාව රිමාන්ඩ් බාරයට පත්වුණා. නීතිය ඔවුන් ක්‍රියාත්මක කෙරුවේ නෑ කියලා. අද පොලිස්පතිතුමා අස් කරන්න බෑ. පොලිස්පති හිරේ ගියත් වෙන පොලිස්පති කෙනෙක්ව පත් කරන්න බෑ. මේ ඔක්කොම අවුල් සහගත තත්වයට පත් වෙලා''.

 මේ අතර මැතිවරණ කොමිසම තුළද ස්වාධීනත්වයක් නොදුටු බවයි අමාත්‍යවරයා පැවසුවේ. ජන්දය කල් තැබීමට හැකි හැමදේම එමඟින් සිදු වූ බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka