gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අපරාධ නඩුවල සාක්ෂි දීම මඟහරින නව ප්‍රවණතාවයක් ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අධිකරණයට කියයි

අපරාධ නඩුවල සාක්ෂිකරුවන් එම නඩුවලදී සාක්ෂි ලබා දීම මගහැරීම සඳහා නඩු විභාගයට පෙර දින රෝහල් ගත වීමේ නව ප්‍රවණතාවයක් නිර්මාණය වෙමින් තිබෙන බව බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධී ලෙස අලි පැටවකු සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවක් අද (18) කැඳවනු ලැබූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතව තිබුණත් එහි සාක්ෂිකරුවකු ලෙස නම් කර සිටි හිටපු මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ පෞද්ගලික ආරක්ෂකයෙක් වශයෙන් කටයුතු කළ පොලිස් කොස්තාපල් දිසානායක නමැති නිලධාරියා සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිට නැත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ එම සාක්ෂිකරු ඊයේ (17) දින හදිසි හෘදයාබාධ තත්වයක් ඇති වූ බව සඳහන් කරමින් පුත්තලම රෝහලට ඇතුළත් වී සිටින බව ය.

මෙහිදී අධිකරණය ඇමතූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අපරාධ නඩුවල වැදගත් හා තීරණාත්මක සාක්ෂිකරුවන් එම නඩු විභාග ආරම්භ වන දිනට පෙර දින හදිසියේ රෝහල් ගත වීමේ නව ප්‍රවණතාවක් නිර්මාණය වී තිබෙන බව අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

මෙසේ හදිසියේ රෝහල් ගත වන සාක්ෂිකරුවන් නඩු විභාගය කල් දැමූ පසු එදිනම රෝහලින් පිටව යන බවත් අදාල නඩුවලදී සාක්ෂි දීම මඟහැරීමේ අරමුණින් ඔවුන් මේ ආකාරයෙන් කටයුතු කරන බව පෙනී යන බවත් සඳහන් කර ඇති නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඔවුන්ගේ මෙම ක්‍රියාකලාපය පිළිබඳව අධිකරණය කිසිවක් නොදන්නේ යැයි සිතමින් ඔවුන් මේ ආකාරයෙන් කටයුතු කරන බවද සඳහන් කර තිබේ.

තමන්ගේ මෙම ක්‍රියා කලාපය ඉදිරියේ අධිකරණය, නිද්‍රාශීලීව සිටිනු ඇතැයි, ඔවුන් විශ්වාස කරන බව ප්‍රකාශ කර ඇති නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙම සාක්ෂිකරුගේ රෝගී තත්වය පිළිබඳව ඔහු ප්‍රතිකාර ලබන පුත්තලම මහ රෝහලේ අධ්‍යක්ෂවරයාගෙන් වාර්තාවක් කැඳවන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි අධිකරණය හමුවේ ඉල්ලා ඇත.

ඒ අනුව මෙම සාක්ෂිකරු සම්බන්ධයෙන් විධිමත් වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයාට නියෝග කළ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මෙම සාක්ෂිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා වරෙන්තුවක්ද නිකුත් කිරීමට කටයුතු කර තිබේ.

අදාළ සාක්ෂිකරු රෝහලෙන් නික්ම යාමෙන් පසුව එම වරෙන්තුව ක්‍රියාත්මක කරන ලෙස මහාධිකරණ විනිසුරුවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට වැඩිදුරටත් නියෝග කර ඇත.

- lankatruth 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka