'ආණ්ඩුව කියනවා පොල්වලට මිල පාලනයක් කරන්න ඕනෙලු. තලේ දාන්න බැරි තරං චූටි ගෙඩි තියනවා. එතකොට චූටි ගෙඩි 75 යි, තලේ දාපුවම කැරගෙන ඒවා 80 යි. කිං සයිස් බෑය ලොකු ඒවා 100 යි කියලා. එහෙම පොලේ සයිස් එකට අනුව ගැසට් ගහන්න පුලුවන්ද ? ආණ්ඩුවට පිස්සුද ? දැං පොල් ගන්න ගියාම එළොව පොල් පේනවා.'
'ඒ නිසා ජීවත් වෙන්න පුලුවන් යුගයක් ඇතිකරපු නායකයා වෙච්ච මහින්ද රාජපක්ෂට නැවත ආණ්ඩුවක් හැදීම සඳහා බලය දීමේ මැතිවරණයයි 10 වෙනිදා තියෙන්නෙ.'
වත්මන් ආණ්ඩුවේ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉහත ප්‍රකාශය සිදුකළේ පසුගිය යහපාලන ආණ්ඩුව පැවති සමයේදීය. එවකට පැවති පොල් මිල හා ඒ සඳහා ආණ්ඩුව ගෙන ඒමට සූදානම් වූ මිල පාලනය බන්දුල ගුණවර්ධන මහතාගේ දැඩි විවේචනයට ලක් විය.
අවාසනාවනට මෙන් එදා තමන් විවේචනය කළ ගැසට්ටුව අද නිකුත් වනවිට විෂය භාර වෙළඳ ඇමතිවරයා ලෙසම කට පියාගෙන සිටීමට බන්දුල ගුණවර්ධන මහතාට සිදුව තිබේ.