gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආහාර වර්ජනයේ නිරත කංජිපානි ඉම්රාන් හදිසියේ රෝහලට ගෙනයයි

පාසල් ළමුන් ඉලක්ක කර මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ අඹුසැමි යුවලක් අත්අඩංගුවට ගෙන තිබේ.
එක් පැකට්ටුවක් රුපියල් 20 ට අලෙවි කරන මෙම මත්ද්‍රව්‍ය කොළඹ ප්‍රධාන පෙලේ පාසල් ළමුන් ඉලක්ක කරගෙන සිදුකළ බව සැකකරුවන් පොලීසියට පාපොච්චාරණය කර තිබේ.

මේ අතර,  අපරාධ කල්ලි නායක මාකඳුරේ මදූෂ්ගේ සමීපතමයෙකු වන දම්මික නුවන් රණවක හෙවත් "වැලිහින්ද කළුවා" මාතර වැලිහින්ද ප්‍රදේශයේ සිය නිවසේ සිටියදී ඊයේ (10) රාත්‍රියේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත්තේය.

සැකකරුගේ නිවසේ ගිනිඅවි සඟවා තිබෙන බවට ලද තොරතුරකට අනුව නිවස පරීක්ෂාකර ඇති අතර එහිදී හෙරොයින් ග්‍රෑම් 02 කට වැඩි ප්‍රමාණයක් ද සොයාගෙන ඇත.

පොලීසිය පැවුසවේ අපරාධ කල්ලි නායක මාකඳුරේ මදූෂ්ගේ සමීපතමයෙකු වන මොහු මීට දින 5කට පෙර බන්ධනාගාරගතව සිට නිදහස්වී පැමිණ ඇති බවය.

මේ අතර අපරාධ කල්ලි සාමාජික "හරක් කටා" නොහොත් චින්තකගේ සමීපතමයෙක් වන හසන් චින්තක වැලිගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, අහංගමදී සැකකරු අත්අඩංගුවට ගන් අවස්ථාවේදී හෙරොයින් ග්‍රෑම් 5ක් ද සොයාගත් බවය.

මේ අතර මේවන විට ඉතාලියේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන රත්ගම විදුරගේ ගෝලයෙකු හික්කඩුවේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ටී-56 වර්ගයේ ගිනිඅවි දෙකක් සොයාගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සඳහා ඒවා සහ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බවය.

එමෙන්ම හෙරොයින් ග්‍රෑම් සියයකට අධික ප්‍රමාණයක් සමග කාන්තාවක් සහ තවත් අයෙක් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත්තේය.

ඒ වැල්ලම්පිටිය, වෙන්නවත්ත ප්‍රදේශයේදීය.

පොලීසිය පැවසුවේ මෙම හෙරොයින්වල වටිනාකම රුපියල් කෝටියකට අධික බවය.

මේ අතර ත්‍රී රෝද රථයකින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙක් අද කුච්චිවේලි පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

ඒ එරක්කනිඩි පාලම අසළදීය.

අදාළ කාන්තාව සතුව තිබී සොයාගෙන තිබූ හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 7කට අධිකය.

මේ අතර, බණ්ඩාරගම අටළුගමදී පොලිස් නිලධාරීන්ට පහරදී පළායාමේ සිද්ධියට සම්බන්ධ සැඟව සිටින පිරිස සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකය.

එම මෙහෙයුම් අතරතුරදී අටළුගම ජයකොඩි කන්ද ප්‍රදේශයේ නිවාස දෙකක තිබී නීති විරෝධී අයුරින් ළඟ තබාගෙන සිටි නයිට්‍රික් ඇසිඩ් හෙවත් ගිනි වතුර කිලෝ 77 ක් සොයාගෙන තිබේ.

මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පරස්පර ප්‍රකාශ සිදුකර ඇති අතර, අදාළ ගිනි වතුර කුමන අරමුණක් වෙනුවෙන් ගබඩාකර තිබුණේදැයි පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් බූස්ස බන්ධනාගාරයේ රඳවා ඇති විශේෂ ගණයේ අපරාධකරුවන් ඇරඹු ආහාර වර්ජනය අද දෙවන දිනටත් ක්‍රියාත්මකව විය.

බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ, සැලකිය යුතු පිරිසක් වර්ජනයෙන් ඉවත්වී ආහාර ලබාගන්නා බවය.

කෙසේ වෙතත්, කංජිපානි ඉම්රාන්, වෙලේසුදා, කැවුමා, ජවුසන් හා සුසේ යන අපරාධකරුවන් තවදුරටත් ආහාර වර්ජනයේ යෙදී සිටින බව වාර්තා විය.

මේ අතර, ආහාර වර්ජනයේ නිරතව සිටි කංජිපානි ඉම්රාන් ඊ.සී.ජී. පරීක්ෂණයක් සඳහා අද බූස්ස නාවික හමුදා රෝහලට රැගෙන විත් යළි බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇත.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka