මහනුවර – පල්ලේකැලේ ප්‍රදේශය ආශ්‍රිතව අද උදෑසන සිදුවූ භූ කම්පනය, ප්‍රධාන කම්පනය සහ ඊට පෙර වාර්තා වූ පෙර කම්පනවල අපි කේන්ද්‍රය එකම ස්ථානයක පිහිටා ඇති බවට නිරීක්ෂණය කර ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය පවසනවා.
ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන කණ්ඩායමේ ප්‍රධානී, භූ විද්‍යාඥ නලින් ද සිල්වා ප්‍රකාශ කරන්නේ වික්ටෝරියා ජලාශයේ ත්වරණ මාපකවල දත්තද අවසන් වාර්තාව සකස් කිරීම සඳහා යොදා ගන්නා බවයි.
පසුගිය සෙනසුරාදා රාත්‍රි 8.32 ට ප්‍රධාන කම්පනය සිදුවූ අතර, එය රික්ටර් මාපාංකයේ සටහන් වූයේ ඒකක 2 ත්, 2.2 ත් අතර අගයකයි.
එය ගුරුදෙනිය, හාරගම, අනුරගම හා මයිලපිටිය යන ප්‍රදේශවල ජනතාවට දැනී තිබුණා.
ඊට පෙර එදිනම දහවල් පෙර කම්පනයක්ද සිදුවූ අතර, අද යළි මෙම ප්‍රදේශ ආශ්‍රිතව පසු කම්පනයක් සිදුවූයේ ප්‍රධාන කම්පනය සිදුව දින 04 කට පසුවයි.
මෙය අඹකොටේ සහ අලුත්වත්ත යන ප්‍රදේශවලට සුළු වශයෙන් දැනී තිබෙනවා.
අද කම්පනය සිදුවන අවස්ථාවේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් මහනුවර ප්‍රදේශයේ රැඳී සිට තිබෙනවා.
මහනුවර කම්පන දෙකේම අපිකේන්ද්‍රය එකම ස්ථානයක
2020-09-03T00:50:00+05:30
Lanka Hot News