gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

වනාතවිල්ලුවේ වන සංහාරය බැලීමට වන සංරක්ෂණ ඇමති එයි : ඇත්ත හෙළිකළ මාධ්‍යයට රැස්වීමේ දොර වැසෙයි

වනාතවිල්ලුව ප්‍රදේශයේ රජය සතු අක්කර ගණනක භූමියක සිදුව ඇති පරිසර හානිය සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීම සඳහා වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා අද එම ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

මෙම පරිසර හානිය සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලිස් ස්ථානයේදී සාකච්ඡාවක්ද පවත්වා ඇති අතර ඒ සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව, පරිසර අමාත්‍යංශය, මධ්‍යම පරිසර අධිකාරිය, සිමෙන්ති සංස්ථාව ඇතුළු ආයතන ගණනාවක නිළධාරීන් සහභාගි වී තිබෙනවා.

මෙම රැස්වීම ආවරණය කිරීම සඳහා පැමිණ සිටි මාධ්‍යවේදීන්ට ඒ සඳහා අවස්ථාව ලබා දී නොමැති අතර ඔවුන්ට පොලිස් ස්ථානය තුළට පිවිසීමද තහනම් කර තිබූ බවයි වාර්තා වන්නේ.

සාකච්ඡාවෙන් පසු ඇමතිවරයා අදාල පරිසර හානිය සිදු කර ඇති ස්ථානය නිරීක්ෂණය කර තිබෙනවා. එහිදී ඇමතිවරයා පවසා තිබෙන්නේ මෙම පරිසර හානියේ වගකීම සිමෙන්ති සමාගම විසින් භාරගත යුතු බවයි. ඉතා කෙටි කාලයක් තුළ නැවත වනගහනය වර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද ඇමතිවරයා පවසා තිබෙනවා.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka