මේ රටේ සංවර්ධනයට ලොකුම බාධාව වී ඇත්තේ පරිසර වේදීන් යයි ගාල්ල නෙලුව ලංකාගම සිටි එක මැටි මෝලෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පැවසූ බව ප්රවීණ උපකාරක පන්ති දේශක තිස්ස ජනනායක මහතා සඳහන් කරයි.
‘හොයාගෙන ගියාම ඒ මැටි මෝලා ඒ ගමේ කෙනෙක් නොවෙයි. ඒකා දේශපාලන හෙංචයියෙක්’ යයිද ඔහු කියි.
මේ රටේ ස්වභාවික පරිසරය එක එක දේශපාලන අලුගුත්තේරුවන්ට ඕන ඕන විදියට හසුරුවන්න බැරි බවත් ඔහු සඳහන් කළේය.
ඔහු මෙම අදහස් පළ කළේ තමා උපකාරක පන්ති දේශනයක් අතරතුරදීය.
රට රකිනවා යනු තුවක්කු අරගෙන යුද පෙරමුණට යාම විතරක් නොවන බවත් පැවසූ ඔහු රටේ පරිසර පද්ධතිය ආරක්ෂක හමුදාව යටත් පැවතිය යුතු යයිද පැවසීය.
සංවර්ධනයට බාධාව පරිසරවේදීන් කියා ජනාධිපතිට කියූ ලංකාගම මැටි මෝලා දේශපාලන හෙංචයියෙක්…- තිස්ස ජනනායක
2020-09-15T07:39:00+05:30
Lanka Hot News