gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහනුවර ඡන්ද යළි ගනින්නැයි ඉල්ලා මහසෝන් බලකායේ ප්‍රධානියා අධිකරණයට යයි

ඉකුත් මහ මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කය සඳහා ප්‍රකාශිත ඡන්ද යළි ගණනය කර අලුතින් ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන ලෙස දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ සඳහා ඉකුත් මහ මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම් අංක 01 යටතේ තරග කළ මහසෝන් බලකායේ ප්‍රධානියා අමිත් වීරසිංහ මහතා විසින් පෙත්සම ඉදිරිපත් කළේය.

එහි  වගඋත්තරකරුවන් ලෙස මහනුවර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ඇතුළු 19 දෙනෙකු නම් කර තිබේ.

ඉකුත් මහ මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කය සඳහා ප්‍රකාශිත ඡන්ද ගණනය කිරීමේදී අක්‍රමිකතා රැසක් සිදුවී ඇති බව පෙත්සම ඉදිරිපත් කළ අමිත් වීරසිංහ මහතා කියා සිටී.

මේ හේතුවෙන් තමන්ට පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වීමට නොහැකි වූ බව ද ඔහු සිය පෙත්සමෙන් කියා ඇති බව "අද දෙරණ" වාර්තාකරු පැවසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka