gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොලිස් නිළධාරීන්ගේ නොසැලකිල්ල නිසා අල්ලගන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයොත් නිදහස් වෙනවාලු !

මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන් පවා නීතියේ රැහැනට හසුවීමෙන් පසුව නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණ විනිසුරුවරුන්ට සිදුවන බව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද අධිකරණයේදී ප්‍රකාශ කළේය.
ජාවාරම්කරුවන් අල්ලා ගැනීම සඳහා පොලිස් නිළධාරීන් සිදු කරන මෙහෙයුම්වලදී දක්වන නොසැලකිල්ල සහ නිළධාරීන් අතින් සිදුවන දෝෂ හේතුවෙන් මෙම තත්වය උද්ගත වන බවයි විනිසුරුවරයා සඳහන් කළේ.

හෙරොයින් ග්‍රෑම් 198.19 ක් සමග 2012 වසරේදී අත්අඩංගුවට ගත් මෙරිඤ්ඤගේ ධනසිරි නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවාට එරෙහිව ගොනුකර ඇති නඩුව අද කැඳවූ අවස්ථ‍ාවේදී මහාධිකරණ විනිසුරුවරයා මෙම කරුණු සඳහන් කළේ අදාල නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් මෙම සැකකරු අද නිදොස් කොට නිදහස් කළේය.

මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ නඩු විභාගයේදී අනාවරණය වූ පරස්පර සාක්ෂි සහ සටහන් යෙදීමේදී නාකොටික් නිළධාරීන් අතින් සිදුව ඇති නොසැලකිලිමත්භාවය හේතුවෙන් විත්තිකරුට එරෙහිව එල්ල වූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට අසමත් වී ඇති බවයි. මේ නිසා විත්තිකරුට එල්ල වූ සියලු චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කරන බව විනිසුරුවරයා සඳහන් කළේය.

මෙම විත්තිකරු මීට වසර 08 කට පමණ පෙරදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් විසින් කොළඹ පුරහල අසලදී අත්අඩංගුවට ගත් අතර ඒ වනවිට ඔහු සතුව තිබ හෙරොයින් ග්‍රෑම් 198.19 ක් අත්අඩංගුවට ගැනිණි.

-lankanewsweb
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka