මරණ දණ්ඩනය හිමිව සිටියදී රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගි වීමට අවස්ථාව ලබාදිය යුතුද නැද්ද යන්න සම්බන්ධයෙන් ලබන සඳුදා (07) තීරණය වීමට නියමිතය.
ජයසේකර මහතා තමන්ට හිමි වූ මරණ දඬුවමට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනුකර තිබෙන අතර එම පෙත්සම අද සලකා බැලිණි. ඒ අභියාචනාධිකරණ සභාපති ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදීය.
එහිදී විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම සඳහා පෙත්සම්කරුට අවස්ථාව ලබා දෙන්නැයි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කරන්නේද යන්න පිළිබඳව ලබන සඳුදා තීරණය කරන බවයි.
චොකා මල්ලිට පාර්ලිමේන්තු යන්න පුලුවන්ද ? - තීරණය සඳුදා
2020-09-04T20:22:00+05:30
Lanka Hot News