gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

20න් ජනාධිපතිට මුක්තිය දීම, විගණකාධිපතිගේ බලය අඩුකිරීම වැරදියි - බෙංගමුවේ නාලක හිමි

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ තමන්ට එකඟ විය නොහැකි කොටස් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දෙන ප්‍රබල භික්ෂුන් වහන්සේ කෙනෙකු වන බෙංගමුවේ නාලක හිමි පවසයි. 

"20 වැනි සංශෝධනයෙ දැන් ජනාධිපතිතුමාව උසාවියට ගෙනයාම වළක්වාලන ඡේද තියෙනවා. ඒක හරි නෑ. ජනාධිපතිතුමා වුණත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා රටට පටහැණිව කටයුතු කරනවා නම්, ක්‍රියා කරනවා නම් ඔහුව උසාවි ගෙනයාමට අවස්ථාව තිබිය යුතුමයි. 

මේ විගණකාධිපතිවරයාගේ බලතල දුර්වල කරලා, ඒ ව්‍යවස්ථාවේ කරුණු සඳහන් වෙනවා. සමහර අමාත්‍යාංශ විගණනය කිරීමේ බලය අත්හිටුවලා තියෙනවා ඒකත් වැරදියි" යනුවෙනුයි එහිමි සඳහන් කළේ. 


 
බෙංගමුවේ නාලක හිමි මේ බව පැවසුවේ ජාතික සංවිධාන සම්මේලනය විසින් ඊයේ (07) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.  


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka