gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැදපෙරදිග ලාංකිකයන් නැව්මගින් ලංකාවට ගේන්න ඇවන්ගාඩ් මෙහෙයුමක් !

Covid-19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැදපෙරදිග සිර වී සිටින ශ්‍රී ලාංකිකයන් 10,000 ක් එකවර මුහුදු මාර්ගය ඔස්සේ ලංකාවට ගෙන්වීමට ඇවන්ගාඩ් මැරිටයිම්ස් පුද්ගලික සමාගම ඉදිරිපත්ව ඇතැයි වාර්තා වේ.

මේවන විට රජයට එක් මසකට විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් ගෙන්විය හැක්කේ 5,000ක් බවත්, කෙසේවුද, මුහුදු මාර්ගය ඔස්සේ මසකට 15,000ක් ගෙන්විය හැකි බවත් වාර්තා වේ.

මෙය ඉතා ලාභදායි ලෙස සිදු කළ හැකි බවද ඇවන්ගාඩ් මැරිටයිම් පුද්ගලික සමාගම කියා සිටින අතර නැව් මගින් ශ්‍රී ලංකාවට පැමිණීමට එක් මගියකුට වැයවන්නේ ඩිරාම් (Dirham) 3,500ක් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 18,000කට ආසන්න මුදලක් බව පැවසේ.

මෙම ව්‍යාපෘතියට අනුව ඩුබායි හි පිහිටි "ජබල් අලි" වරායේ රඳවා තිබෙන විශාල ප්‍රමාණයේ මගී නෞකා කිහිපයක් වෙතට එම රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින පිරිස් ඇතුළු කර, නිරෝධායන නීති වලට අනුකූලව නෞකාව තුළදීම දින 14ක නිරෝධායනයට ලක් කර ලංකාවට ගෙනඒමට නියමිතය.

නෞකා "ජබල් අලි" වරායේ සිට ශ්‍රී ලංකාව වෙත යාත්‍රා කිරීම සිදු කරනු ලබන්නේ නිරෝධායන ක්‍රියාවලිය අවසන්වීමෙන් පසුව වීම විශේෂිතය.

ඇවන්ගාඩ් සමාගම් සමූහයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා හා එක්සත් අරාබි එමීර් රාජයේ ශ්‍රී ලංකාවේ තානාපතිවරයා මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති බවද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අප ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඩුබායි හි පිහිටි "ජබල් අලි” වරායේ සිට මැද පෙරදිග සිටින ලාංකිකයන් ගෙන්වීමට මේවන විට මගී නෞකා 4ක් සමඟ මිළ ගණන්ද සාකච්ඡා කර අවසන් බවයි.

අදාළ මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලබන්නේ ඩුබායි හි පිහිටි "ජබල් අලි” වරායට මගී නෞකා 4ක් යවා ඒ සමඟම මෙරට ප්‍රධාන පුද්ගලික රෝහලක සහය ඇතිව දැඩි සත්කාර ඇඳන් (ICU Bed) 40ක් සහිත නෞකාවක් එම වරායට යැවීම මගින් බවද කී ඒ මහතා අදාළ ඇඳන් සහිත නෞකාව යවනු ලබන්නේ මගී නෞකාවල සිටින රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා බව යැයි කියා සිටියේය.

සියළු රෝගීන්ට ලංකාවෙන් යවන නෞකාව තුළ ප්‍රතිකාර කරන බවවත්, මගී නෞකා තුළ එක් අයෙකුට එක් කුටිය බැගින් ලබාදීම නිසා කොරෝනා රෝගියකු සිටියද එය පාලනය කර ගැනීමට හැකියාව ලැබෙන බවද ඔහු පෙන්වා දුන්නේය.

මීට මසකට පමණ පෙර විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සහ සෞඛ්‍ය බලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ද සේනාධිපති මහතා අදාළ තොරතුරු හෙළිකර තිබිණි.

ශ්‍රී ලංකා රජයෙන් අවසර ලද වහාම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ඇවන්ගාඩ් මැරිටයිම් පුද්ගලික සමාගම බලාපොරොත්තුවෙන් සිටින බවද ඔහු කීය.

ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් විදේශයන්හි සිරවී සිටින සියළුම ශ්‍රී ලාංකිකයින් කිසිදු කරදරයකින් තොරව ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීම මෙම මෙහෙයුමේ අරමුණ බවද ඔහු සඳහන් කළේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka