පොල්වල වට ප්රමාණය අනුව උපරිම සිල්ලර මිලක් පනවමින් පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනයෙන් පෙන්නුම් කෙරෙන්නේ එම ගැසට් නිවේදන නිකුත් කරන ආණ්ඩුවේ ප්රධානීන් රටේ වර්තමානයෙහි පිළිගත් මිණුම් ඒකක පිළිබඳව හෝ දැනුමක් නොමැති අයය යන්න බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
"සියලු කිරුම් මිණුම් අපේ 1980 දශකයේදී වෙනස් කරලා තිබෙන්නෙ. දිග මනින්නේ මීටර් සහ සෙන්ටිමීටර් වලින්. මං දැක්කා ගැසට් එකේ තියෙන්නෙ අඟල් වලින්. ඒ නිසා අඟල් වලින් මැනලා කවුරු හරි වරදකරුවෙක් වුණත් නඩුවක් පවරන්න බෑ. මොකද අපෙ පිළිගත් මිනුම් ඒකකය තමයි මීටර් සහ සෙන්ටිමීටර්. ඒ නිසා ගැසට් එක ගහන මහත්තුරු අඩුම තරමේ රටේ වර්තමානයේ පිළිගත් මිණුම් ඒකකය කුමක්ද කියලාවත් නොදන්න බවයි මෙම ගැසට් නිවේදනයෙන් පෙන්නුම් කරන්නේ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
