gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පුරාවිද්‍යා නිලධාරීන්ට පහරදීමට තැත්කිරීම : අම්පිටියේ සුමන හිමිට නොතීසි

රදියනාරු ප්‍රදේශයේ පුරාවිද්‍යා භූමියක රාජකාරි කරන පුරාවිද්‍යා නිලධාරීන් පිරිසකට පහරදීමට තැත්කිරීම සම්බන්ධයෙන් අම්පිටියේ සුමන හිමිට මඩකළපු මහේස්ත්‍රාත් අධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ. 

"පැමිණිල්ලක් ලැබිලා තියෙනවා කරදියනාරු පොලිසියට පුරාවිද්‍යා භූමියක රාජකාරි කරන පුරාවිද්‍යා නිලධාරීන්ට හිමිනමක් ඇතුළු පිරිසක් බාධාකිරීම සම්බන්ධයෙන්. මේ සම්බන්ධයෙන් කරදියනාරු පොලිසිය විමර්ශන ආරම්භ කරලා තියෙනවා. පුරාවිද්‍යා කාර්යාලයේ නිලධාරින් තිදෙනෙකු එහි ගිය අවස්ථාවේදී ඔවුන්ට ඔවුන්ට බාධාකිරීමක් සිදුවූ බවට ලැබුණු පැමිණිල්ලක් අනුව තමයි මෙම විමර්ශන ආරම්භ කරලා තිබෙන්නෙ. 

ඒ සම්බන්ධයෙන් කරදියනාරු පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරලා තියෙනවා. ඒවගේම අදාළ නිලධාරීන්ට අධිකරණ වෛද්‍ය පෝරම නිකුත් කරලා තියෙනවා ඔවුන්ගේ වෛද්‍ය වාර්තා කැඳවා ගැනීම සඳහා. රජයේ සේවකයින්ට අයුතු අවහිර කිරීම සහ රාජකාරියට බාධාකිරීම සම්බන්ධයෙන් මඩකලපු මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළාට පස්සෙ හිමි නමට අධිකරණයට ඉදිරිපත් වීම හෝ පොලිසියට ඉදිරිපත් වෙලා ප්‍රකාශ ලබාදීම සඳහා 2020.09.30 දිනට නොතීසි නිකුත් කරලා තියෙනවා" යනුවෙනුයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ.  


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka