බදාදා දිනය පාර්ලිමේන්තු දිනයක් වීම හේතුවෙන් ලබන සඳුදා (14දා) දිනයේ සිට මහජන දිනය සඳුදා ලෙස වෙනස් කිරීමට රජය ගෙන ඇති තීරණය සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමයේ අවධානයට ලක්ව තිබේ. මේ වන විට සාමාන්‍ය වැඩ කරන දිනයක ද කොළඹ නගරයේ පවතින අධික මාර්ග තදබදය නගරයට දරා ගත හැක්කක් නොවේ.
එසේම කොළඹ නගරයේ නාගරික සංචලතාවය පැයට කිලෝමීටර් 12ක් දක්වා අඩුවී ඇති අතර මේ හේතුවෙන් බස්නාහිර පළාතට එහි දළ දේශීය නිෂ්පාදිතයෙන් 12%ක් අහිමි වී තිබේ.
මෙවන් තත්ත්වයක් තුළ සඳුදා දිනය යනු කොළඹ නගරයේ සහ කොළඹ නගරයට පිවිසෙන මාර්ග තුළ අධිකව රථවාහන තදබදයක් පවතින දිනය වේ.
මෙවන් පසුබිමක මහජන දිනය සඳුදා ලෙස වෙනස් කිරීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් කොළඹ නගරයේ සඳුදා දිනයේ පවතින තදබදය දෙගුණ තෙගුණ වීම අනිවාර්ය කරුණකි.
මේ හේතුවෙන් මගී ජනතාවට සිදුවීමට නියමිත හිරිහැරය සළකා මහජන දිනය සඳුදා ලෙස වෙනස් කිරීමට රජය ගෙන ඇති තීරණය වෙනස් කිරීමට කටයුතු කරන ලෙස සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය දැඩි ඕනෑකමින් ඉල්ලා සිටියි.
විමුක්ති දුෂාන්ත,
කැඳවුම්කරු,
සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය
all ceylon bus passengers association
sri lanka bus passengers association
bus passengers association srilanka
මහජන දිනය සඳුදාට ගෙන ඒම මගීන් මරණ යෝජනාවක් - සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය
2020-09-11T10:30:00+05:30
Lanka Hot News