gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඩොලර් මිලියන 675 ක ව්‍යාපෘති චීනයට ලබාදීමට කැබිනට් අනුමැතිය

මහවැලි ජල ආරක්ෂණ ආයෝජන ව්‍යාපෘතියට අදාල ඇල මාර්ග දෙකක ඉදිකිරීම් කටයුතු චීන සමාගම් දෙකකට පැවරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. මෙම ව්‍යාපෘති දෙකෙහි වටිනාකම ඇමරිකානු ‍ඩොලර් මිලියන 675 කි.

වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙන අතර තෙත් කලාපයේ සිට වියලි කලාපයට අයත් ප්‍රදේශ දක්වා පානීය ජලය සහ කෘෂිකාර්මාන්තයට අවශ්‍ය ජලය සැපයීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ.

ඒ අනුව අදාල ඇල මාර්ග ව්‍යාපෘති දෙකේ ඉදිකිරීම් චයිනා සීඒඑම්සී සමාගමට සහ චයිනා ස්ටේට් කන්ස්ට්‍රක්ෂන් ඉන්ජිනියරින් සමාගම වෙත පැවරෙනු ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා ආධාර ලබා දෙන්නේ ආසියානු සංවර්ධන බැංකුව විසිනි. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka