gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළ වැදගත් කරුණු කිහිපයක්

20වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය අද නිකුත් කෙරිණි. එහි අඩංගු විශේෂ කරුණු කිහිපයක් පහතින් දැක්වේ.  එම කරුණු පමණක් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ඇතුළත් කර ඇති අතර අනෙකුත් කරුණු සියල්ලම අහෝසි කර තිබේ.
19න් ඉතිරි වූ කරුණු:
තොරතුරු දැන ගැනීමේ අයිතිය
ජනාධිපතිවරයාට දෙවරකට වඩා ජනාධිපතිවරණයකට තරඟ කළ නොහැකි වීම
ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 05කට සීමා කිරීම

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි වන අතර ඔවුන්ට ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයින් පත්කිරීමට ඇති අයිතිය ද අහෝසි වේ.

අගවිනිසුරුවරයා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, අභියාචනාධිකරණ සභාපතිවරයා හා එහි විනිසුරුවරුන්, නීතිපති, පොලිස්පති, විගණකාධිපති, ඔම්බුඩ්ස්මන් ඇතුළු රජයේ ඉහළ නිලතලවලට පුද්ගලයින් පත්කිරීම මින් ඉදිරියට ජනාධිපතිවරයා යටතට පැවරේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට වසර 4 1/2 යනතුරු නොහැකිය යන වගන්තිය ඉවත් වී පාර්ලිමේන්තුව වසරක් ගතවූ පසු විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට යළි අවස්ථාව හිමිවේ.

අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේ දී ජනාධිපතිවරයා අගමැතිගේ උපදෙස් මත සිදුකළ යුතු යන වගන්තිය ද අහෝසි වේ.

අමාත්‍ය මණ්ඩලය 30කට සහ කැබිනට් නොවන අමාත්‍යවරුන් 40 සීමාව ඉක්මවා නොයා යුතුයි යන වගන්තිය ද ඉවත් වේ.

ද්විත්ව පුරවැසියන්ට ජනාධිපතිවරණයට සහ පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කළ නොහැක යන වගන්තිය ද මේ යටතේ අහෝසි වන තවත් වැදගත් කරුණකි.

ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ඉවත් කිරීමටත්, ඔවුන් සතු විෂයන් සහ අමාත්‍යාංශ තමා යටතේ තබා ගැනීමටත්, 20 වන සංශෝධන පනත් කෙටුම්පතෙන් යෝජනා වී තිබේ.

ජනාධිපතිවරයාට යම් විෂයන් හෝ කාර්යයන් තමා යටතේ තබා ගැනීමට ද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙන් යළි අවස්ථාව ලබාදී තිබේ.

ජනාධිපතිවරයාට මැතිවරණ කොමිසමේ සාමාජිකයින් තිදෙනා පත් කිරීමටත්, ඉන් එක් අයෙකු සභාපතිවරයා ලෙස පත්කිරීමටත් වගකීම පැවරී තිබේ.

නීතිපතිවරයා, පොලිස්පතිවරයා, විගණාකාධිපතිවරයා ඉවත් කිරීමට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාට ප්‍රතිපාදන නොතිබුණ ද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පතින් එම අවස්ථාව ලබාදී තිබේ.



20th amendment
20th amendment sri lanka gazette

gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka