gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

20 ට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම්වලට පොහොට්ටුවෙන් අතරමැදි පෙත්සම්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම් 39 ක් ඉදිරිපත් වී තිබෙනවා. එම පෙත්සම් හෙට (29) දිනයේ සිට පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට නියමිතය.

ඉදිරිපත්ව ඇති පෙත්සම් සඳහා අතමැදි පාර්ශ්වකරුවෙකු ලෙස ඉදිරිපත් වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා. අද පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ සභාපති, අමාත්‍ය ජී.ඇල්. පීරිස් මහතා සඳහන් කළේ පක්ෂයේ නීතිඥවරුන් හෙට දිනයේදී ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින බවයි.

හෙට සිට සති තුනක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබිය යුතු බවත්, ‍එම තීන්දුව ලැබුණු පසු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට යටත්ව පාර්ලිමේන්තුව තුළ ඉදිරි කටයුතු සිදුවනු ඇති බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka