gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

20 අඩුපාඩු හදාගන්නැතිව මාධ්‍යයට යන්න බෑ.. මෙම සංශෝධනය ජනපතිගේ සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්තිය හා ගැටෙනවා..- මන්ත‍්‍රී ගෙවිදු

20 වන ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු ඇති බවත් ඒවා නිවැරදි කර නොගෙන මාධ්‍යයට ගොස් අදහස් පලකිරීමට අසීරු බවත් ශ්‍රී ලංකා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා සඳහන් කර ඇත.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම හමුවේ දී ය.

ඇමතිකම් තිහක උපරිමයක් සීමා කිරීමට තිබූ වගන්තිය ඉවත් කිරීම නොකළ යුතුව තිබූ දෙයක් බව ගෙවිඳු කුමාරතුංග මහතා පෙන්වා දී ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය සමග මෙම 20 වැනි ව්‍යවස්තා සංශෝධන පනත් කෙටුම්පත ගැටෙන බව ද ඔහු සදහන් කර තිබේ.

එහිදී අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ විසිවෙනි සංශෝධනය ගැන සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන බවයි.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka