''මෙවර මහ මැතිවරණයෙන් රටට වැඩදායක වන අයුරින් ජයග්‍රහණයක් ලබා ඇති බව සිතා අපට සතුටු විය හැකියි. එම ජයග්‍රහණය මෙරට ජනතාව ලැබූ ජයග්‍රහණයක් වශයෙන් හැඳින්විය හැකියි. බලය ලැබුණා යැයි සිතමින් පරණ විදිහට බලය භාවිතා කිරීමට ක්‍රියා කළ හොත් මේ රට සකස් කිරීමට හැකි වන්නේ නැහැ. ජනතාවගේ දුක් ගින්න නිවා රට ස්වයංපෝෂිත කරමින් ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමට නම් මේ රටේ අල්ලස, සොරකම, වංචාව, දූෂණය සම්පූර්ණයෙන්ම තුරන් කළ යුතුව පවතිනවා.
ඔබ ඔබේ යුතුකම ඉටුකරන්න - මම මගේ යුතුකම ඉටු කරනවා, යැයි ජනාධිපතිවරයා පසුගිය දිනෙක ප්‍රකාශ කළා. එක් වතාවක් නොව දෙවතාවක්ම ජනතාව ජනාධිපතිවරයාට ඒ සඳහා වරම් දී ඇති බව පැහැදිළිව පේනවා. යහපත් අනාගතයක් සඳහා ඔබ අද යුතුකම ඉටු කළ අයුරින්ම ඉදිරියේදීද ජනාධිපතිවරයා වෙනුවෙන් ඒ ඒ යුතුකම ඉටු කළ යුතුව පවතිනවා.''
ඒ වගේම මේ රටට ප්‍රබල විපක්ෂයකුත් සිටිය යුතුයි. සමගි සම්පන්නව කටයුතු කරමින් තමන්ගේ යුතුකම විපක්ෂය විසින් ඉටු කිරීම ජනතාව අපේක්ෂා කරනවා යැයි අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියෝ සඳහන් කළහ.
නදීක දයා බණ්ඩාර - මහනුවර
