කොරෝනා වෛරසය ද පසුගිය වසරේ චීනයෙන් ආරම්භ වුවකි.
නව වෛරස් ආසාදනය හේතුවෙන් චීනයේ පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් ඇති අතර නැගෙනහිර චීනයේ ජියැන්ග්සු සහ අන්හුයි පළාත්වල තවත් 60කට වැඩි පිරිසකට එය ආසාදනය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම වෛරසය සම්බන්ධයෙන් එරට සහ ලොව පුරා සෞඛ්‍ය නිලධාරීන් අතර අනතුරු ඇඟවීමේ සීනුව නාද කර තිබේ.
මෙම රෝගය යම් තරමින් බෝවන වෛරසයක් (TBV) නිසා ඇතිවන බව සඳහන්.
කිනිතුල්ලන් වෛරස් 83ක් රැගෙන යන බව ප්‍රකට කරුණකි.
මෙම වෛරසය ද කිනිතුල්ලන් මඟින් ආරම්භ වූ වෛරසයක් වන අතර රෝග ලක්ෂණ ලෙස උණ සහ කැස්ස ප්‍රධාන වේ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ (සීපීසී) හොරනෑවක් වන ග්ලෝබල් ටයිම්ස් හි පළ වූ වාර්තාවකට අනුව, එස්එෆ්ටීඑස් යනු “ස්වාභාවික සම්භවයක් ඇති නව වසංගත රෝගයකි”.
කෙසේ නමුත් චීනයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ මෙම වෛරසය ද මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය විය හැකි බවයි.
