gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අමෙරිකානු ආරක්ෂක ලේකම් ගෙන් ජනපතිට දුරකථන ඇමතුමක් !

නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ඊයේ දිනයේදී තමන් දුරකථනයෙන් කතා කළ බව අමෙරිකානු ආරක්ෂක ලේකම් අමෙරිකානු ආරක්ෂක ලේකම් මාක් ටී. එස්පර් ට්විටර් නිවේදනයක් තබමින් නිවේදනය කර සිටිනවා.

COVID-19 වසංගතය සාර්ථකව හසුරුවා ගැනීම සහ මෑතකදී පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කිරීම පිළිබඳව අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා විසින් ජනාධිපතිවරයාට සුබ පතුම් එක් කොට තිබෙන අතර ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ මානව හිමිකම් පිළිබඳ අඛණ්ඩ ප්‍රගතියක් සම්බන්ධව ඉල්ලා තිබෙනවා.

සියලු ජාතීන්ගේ ස්වෛරීභාවය සහතික කරන නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් සඳහා ඔවුන්ගේ හවුල් කැපවීම පිළිබඳව නායකයන් දෙදෙනා සාකච්ඡා කළ බවයි අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීකරණය, මිලිටරි වෘත්තීයකරණය, ත්‍රස්තවාදයට එරෙහි ක්‍රියා කිරීම සහ සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව වැඩි දියුණු කිරීමට ඇති අවස්ථා සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කොට තිබෙන බව සඳහන්.

නායකයන් දෙදෙනාම ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා පුළුල් කිරීමට සහ දෙරට අතර අන්‍යොන්‍ය සහයෝගිතාවය වර්ධනය කිරීමට කටයුතු කිරිමට සාකච්ජා කළ බවයි අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කර සිටින්නේ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka