ඒ, අද (11) සමඟි ජනබල වේගයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.
එහෙත් වික්‍රමසිංහ මහතා එම ඉඩ ඇහිරු බවයි ඔහු කියාසිටියේ.
''1994 රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්සත් ජාතික පක්ෂය භාරගන්න විට 43%ක ජන්ද පදනමක් එක්ක භාරගත්තේ අද 2.15%ට බස්සලා තමයි නික්ම යන්න ලෑස්ති වෙන්නේ.මාස හයකට කලින් මේ ඥානය පහළ වුනා නම් අද මීට වඩා වෙනස් රටක් නිර්මාණය වෙන්න තිබුණා. ඒ ඉඩ ඇහිරුවා.''
එහෙත් දැන් එම 2% පක්ෂයේ නායකයා වීමට පිරිසක් උත්සහ කරමින් සිටින බවයි මරික්කාර් මහතා සඳහන් කළේ.
''පහුගිය මාස හයේ ඔක්සිජන් බටයක් ගහලා තමයි එක්සත් ජාතික පක්ෂය හුස්ම ගත්තේ. දැන් ඒ බටේ ගලවලා තියෙන්නේ.'' යනුවෙන්ද ඔහු පැවසුවේය.
කෙසේවෙතත් ජන විඥානය ගැන හැඟීමක් නැති අයට මේ මැතිවරණයේදී ඉතාම තද බල ලෙස ජනතාව පිළිතුරක් ලබා දී ඇති බව කියා සිටි මරික්කාර් මන්ත්‍රීවරයා කියා සිටියේ එජාප පාක්ෂිකයන් සිටින්නේ තමන් නියෝජනය කරන පාර්ශවය සමඟින් බවයි.
මේ වන විට ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ලැබී ඇති හෙයින් ඔවුන්ගේ කටයුතුවලට කකුලෙන් ඇදීමට බලාපොරොත්තුවක් නොමැති අතර ආණ්ඩුවට වැඩ කරගෙන යාමට යම් කිසි කාලයක් ලබා දීමට සූදානම් බව ද ඔහු අවධාරණය කරන ලදී.
රටට යහපතක් වන යෝජනා සඳහා අනිවාර්යයෙන්ම ආණ්ඩුවට සහය දෙන නමුත් තුනෙන් දෙකේ බලයට මුවාවී කොමිෂන් සභා අහෝසි කරන්න, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පොඩි පොඩි කෑලී අල්ලගෙන සම්පූර්ණයෙන්ම එය විනාශ කර දැමීමට යනවා නම එයට විරුද්ධ වෙන බවයි හෙතෙම පැවසුවේ.
ආර්ථික ජයග්‍රහණ ලබා ගැනීමට සහයෝගය දෙනවා සේම ඒ මුවාවෙන් කිසියම් ආකාරයකට ඉඩම් සින්නක්කරව විකුණන්න ලෑස්ති වෙනවා නම් ඊට විරුද්ධව සටන් කිරීමට සූදානම් බවද ඔහු වැඩිදුරටත් කියාසිටියේය.
