gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නිකවැරටියේ තත්වය පාලනය කල නොහැකි නම් නැවත ඡන්ද විමසීමක් ඉල්ලයි

නිකවරටිය ඡන්ද මධ්‍යස්ථානයේ තත්ත්වය පාලනය කර ගත නොහැකි නම් නැවත ඡන්ද විමසීමක් අවශ්‍ය බව සමගි ජන බලවේගය සඳහන් කරයි.

එහි නිත්‍ය නියෝජිත හිටපු ආණ්ඩුකාර, කැෆේ සංවිධානයේ හිටපු ප‍්‍රධානී කීර්ති තෙන්නකෝන් මහතා පෙන්වා දෙන්නේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා නිකවරටිය ඡන්ද මධ්‍යස්ථාන දෙකකට පුද්ගලයන් දෙසීයකට වැඩි ප්‍රමාණයක් සමඟ ඇතුළු වී ඇති බවයි.

ඔවුන් කොබෙයිගනේ ප්‍රදේශයට ද පැමිණ ඇති බවත් ඒ හේතුවෙන් පාරවල් ද අවහිරව ඇති බවත් ඔහු සඳහන් කරයි.

මෙම තත්වය පාලනය කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින ඔහු එසේ නොහැකි නම් මෙම ඡන්ද එම මධ්‍යස්ථානවල ඡන්දය වෙනත් දිනයක පවත්වීමට අවධානය යොමු කරන ලෙසද ඉල්ලා සිටියි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka