ඒ සියල්ල මැද තම පක්ෂය විශ්වාස කළ ජනතාවට ස්තූති කරන බවද අලුත් විප්ලවීය නැවුම් ගමනක් ආරම්භ කරන බවද ඔහු පැවසීය.
මෙම මැතිවරණයේදී ජනතාව තම පක්ෂයට දැවැන්ත ශක්තියක් වී ඇති බව ජනතාව තමන් සමඟ සිටි බවත් ඔහු සඳහන් කළේය.
ඊළඟ ආණ්ඩුව පිහිටු වීමේ එකම විකල්පය තමන් සතුව බව ඇති බවත් ඒ ගැන පූර්ණ විශ්වාසයක් ඇතැයිද ඔහු කියා සිටියේය.
සමගි ජනබලවේග මූලස්ථානයේදී දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.
