gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

SLT ගෘප් CEO ට හදිස්සියේම කෝටි 3ක රථයක් මිලදී ගනියි!

මෝටර් රථ ආනයනය තහනම් කර තිබියදී ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරියා වෙනුවෙන් රුපියල් කෝටි 3ක පමණ වියදමක් දරා මෝටර් රථයක් මිලදී ගැනීමට කටයුතු කර ඇතැයි එම ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එය මෝටර් රථ ගෙන්වනු ලබන පුද්ගලික ආයතනයකින් මිලදී ගැනීමට මිල ගණන් කැඳවා තිබූ බවද පැවසේ.

විදෙස් ඉන්ජිනේරු උපාධියක් හිමි ලලිත් සෙනවිරත්න මහතා ටෙලිකොම් සමූහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස වත්මන් ආණ්ඩුව පත්වීමෙන් පසුව පත්කරනු ලැබිණි. ඔහු එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ද සාමාජිකයෙකි.

අධ්‍යක්ෂ මණඩලයේ සාමාජිකයන්ගේ ගමන් බිමන් වෙනුවෙන් මොන්ටේරෝ රථයක් හා ප්‍රාඩෝ රථයක්ද එම ආයතනයෙන් වෙන් කර තිබියදී මේ මිලදී ගැනීම සිදු කිරීම සම්බන්ධයෙන් එහි වෘත්තීය සමිතිවල විරෝධය මතුව ඇති බවද වාර්තා වේ.

ටෙලිකොම් ආයතනය අධ්‍යක්ෂවරු 9 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඉන් සිවුදෙනෙකු මැලේසියානු සමාගමේ අය වෙති. සෙසු පස්දෙනා ශ්‍රී ලාංකිකයන් වෙති. මේවන විට මැලේසියානු අධ්‍යක්ෂවරුන් සිවුදෙනාගෙන් කෙනෙකු ඉවත්වී ඇති බවත්, ඔහු වෙනුවෙන් කිසිවකු පත්කර නැති බවත්, සෙසු අධ්‍යක්ෂවරුන්ද සය මසකින් පමණ ලංකාවට පැමිණ නැතිබවත් ටෙලිකොම් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මේවන විට රුපියල් බිලියන 70ක පමණ විදෙස් ණය බරකින් පෙළෙන බවද මේ අතර වාර්තා වේ.

දැනට වයස අවුරුදු 65 සීමාව පැන සිටින ලලිත් මහතා අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කරනු ලැබ ඇත්තේ ද ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සභාපති හා අධ්‍යක්ෂවරුන් පත් කිරීමට පත්කරන ලද විද්වත් කමිටුවේ නිර්දේශ නොමැතිව බවද පැවසේ.

ඔහු වෙනුවෙන් මීට පෙර ටෙලිකොම් ආයතනය අති විශාල මුදලක් වැය කරමින් කාර්යාල කාමරයක්ද තනා දී ඇතැයි වාර්තා වේ.

-srilankamirror


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka