රාජිත සේනාරත්න මහතා සහ මොහමඩ් රූමි මහතා අද මහාධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔවුන් දෙදෙනා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය. ඒ අනුව එක් අයෙකුට රුපියල් 10,000 බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත විත්තිකරුවන් මුදා හැරිණි.
මිට අමතරව ඔවුන්ට විදෙස් ගමන් තහනමක් පැනවූ අතර විදේශ ගමන් බලපත්ර අධිකරණය වෙත භාර දෙන්නැයි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබේ.
මෙම නඩුව සැප්තැම්බර් 22 වැනිදා නැවත විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කළේය.
