නියෝජ්‍ය මහලේකම්වරයා සඳහන් කරන්නේ ඒ සඳහා ඔහු අධිකරණයේ අවසර ලබා ගත යුතු බවයි.
එමෙන්ම ඔහු මන්ත්‍රීවරයකු බවට පත්වන්නේ නම් ඔහුගේ නම මැතිවරණ කොමිසම විසින් පළමුවෙන්ම ගැසට් කළ යුතු බව ද ඔහු පැවසීය.
රත්නපුර දිස්ත්‍රික්කයෙන් ප්‍රේමලාල් ජයසේකර මහතා දෙවැනි ස්ථානයට වැඩිම මනාප ලබාගෙන ජයග්‍රහණය කර ඇත.
ඔහු මනුෂ්‍ය ඝාතන සිදුවීමක් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කර සිරගත කර සිටින අතර අදාළ තීන්දුවට එරෙහිව ඔහු විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.
