gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

විශාලතම සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් අවසන් - යහපාලනයේ ප්‍රමාදයෙන් දවසකට කෝටි 5ක පාඩුවක් !

මෙරට විශාලතම සුළං විදුලි බලාගාරය වන මන්නාරම විදුලි බලාගාර‍යේ ඉදිකිරීම් අවසන් කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.

ඉන් මෙගා වොට් 100ක විදුලි ධාරිතාවක් උත්පාදනය වන බවද ඉදිරි සති දෙක ඇතුලත මෙය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට පියවර ගන්නා බවද එහි සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා පවසයි.

මේ අතර පසුගිය වසර 5 තුළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීමෙන් විදුලිබල මණ්ඩලයේ දෛනික පාඩුව රුපියල් මිලියන 50ක් බව ඒ මහතා සඳහන් කළේය.

අදාල ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට පියවර ගෙන ඇති බවද වාර්තා වේ.

යහපාලනයේ ව්‍යාපෘති ප්‍රමාදයෙන් දවසකට කෝටි 5ක් පාඩු

යහපාලන ආණ්ඩුව විදුලිබල ව්‍යාපෘති ප්‍රමාද කිරීම නිසා දවසකට කෝටි 5ක් පාඩු සිදු වූ බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා පවසයි.

පසුගිය රජය යටතේ පාඨලී චම්පික රණවක මහතා විදුලිබල අමාත්‍යවරයාව සිටියදී සාම්පූර් ගල් අගුරු බලාගාරය ඉදිකර ගැනීමට නොහැකි වූ බව ඒ මහතා සඳහන් කරයි.

විශේෂයෙන්ම යහපාලන සමයේදී එක විදුලි බලාගාරයක්වත් අලුතින් ඉදිනොවීම ඒ සඳහා ප්‍රධාන හේතුව බවත් කීවේය . LNG supply, උමා ඔය , මන්නාරම , වව්නියාව ව්‍යාපෘති ප්‍රමාද වීම නිසා දවසට සිදුවූ පාඩුව කෝටි 5ක් පමණ බවත් අනාවරණය කළේය.

පාඨලී චම්පික රණවක මහතා විදුලිබල අමාත්‍යවරයාව සිටිය දී පැරැණි ගිවිසුම් දීර්ඝ නොකිරීම නිසා විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නට සිදුවූ බව විජිත හේරත් මහතා පෙන්වා දුන්නේය.

බිලියන 93ක පාඩුව 63ට බස්සයි

විදුලි බල මණ්ඩලයට 2020 අවසන් වනවිට රු. බිලියන 93 ක පාඩුවක් සිදුවෙතැයි ඇස්තමේන්තු කර තිබුණත් රජය විසින් ගන්නා ලද සාධනීය කි‍්‍රියාමාර්ග හේතුවෙන් එම අලාභය රු. බිලියන 63 ක් දක්වා අවම කර ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වේ.

ලෝක වෙළෙඳපළේ් ඉන්ධන මිල පහළ යෑම මත පනවන ලද විශේෂ බද්ද නිසා රු. බිලියන 48 ක මුදලක් විදුලිබල මණ්ඩලයේ ණය වශයෙන් ලංකා ඛනිිජ තෙල් සංස්ථාවට රජය විසින් ගෙවා දමනු ලැබීය.

එම නිසා තවත් රු. බිලියන 3 ක් එනම් රු. කෝටි 300 ක මුදලක් වැය කර විදුලි පාරිභෝගිකයින්ට සහන සැලසීමට ලංවිම තීරණය කර තිබේ.

-srilankamirror


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka